(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ නවතා තබන ලද පළමු පන්තිය වායුසමීකරණය කරන ලද දුම්රිය මැදිරියක විදුලි ජනක යන්ත්‍රයට සවිකර ඇති තඹ කම්බි මීටර් 1008 කපා සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි
සැකකරු සොරාගත් තඹ කම්බි වල වටිනාකම රුපියල් ලක්ෂ 18ට අධික බව පොලිසිය පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු දෙමටගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඊයේ (31) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගන්නා ලද භාණ්ඩ සොයා ගෙන ඇත.
සැකකරු කොළඹ 14හි පදිංචි (31) හැවිරිදි පුද්ගලයෙකි.

